
හිමාල කඳුවැටියේ නේපාල - ටිබෙට් දේශසීමා ආශ්‍රිතව හදිසියේ ඇති වූ බිහිසුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 547 දෙනෙකු මළ සිරුරු සොයාගෙන තිබේ.
එරට ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරියේ දත්ත උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය.
විදෙස් ජාතිකයින් 517 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 977 දෙනෙකු තවදුරටත් අතුරුදන් බවට සඳහන්ය.
එම පිරිස සොයා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

















































