
කුලියටගත් සුඛෝභෝගී මෝටර් රථයක් යොදාගෙන වෙන්නප්පුවේ සිට රැගෙන එන ලද නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ මත්පැන් ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් ලක්‍ෂ 10ක් පමණ වටිනා පොලිසැක් උර අටක දමන ලද නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලිමිටර් 27000ක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිස් භාරයටට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකුට ලද තොරතුරකට අනුව කිඳෙල්පිටිය ප්‍රදේශයේදී මෙම සැකකටයුතු මෝටර්රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි පිටුපස අසුන් ඉවත්කර මත්පැන් උර ගබඩාකර තිබූ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හිරණ පොලිස් වසමේ මත්පැන් ජාවාරම්කරුවකු වන 'චලා' නැමැත්තාට මෙම මත්පැන් අයත් බවට අනාවරණය වී ඇති බව සඳහන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පානදුර ගල්තුඩේ සහ පානදුර හීරණ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් දෙදෙනා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිවැරදිකරු බවට ප්‍රකාශ කළ බැවින් නඩුව යළි කැඳවීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

















































