
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කරවීමේ අරමුණෙන් විමර්ශකයින් ඇතුළු පාර්ශ්ව අසත්‍ය කරුණු ඉදිරිපත්කර ඇතැයි දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය පවසයි.
කොළඹ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සාමාජික නීතිඥ සංජීව වීරවික්‍රම මහතා මේ බව සඳහන් කළේය.
දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ නීතිඥ සංජීව වීරවික්‍රම මහතා,
"ශානි අබේසේකර මහත්තයා ගිහිල්ලා ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇවිල්ලා ගරු අධිකරණයට දැනුම්දුන්නා අසාත් මවුලානගේ ප්‍රකාශයක් සටහන් කරගත්තා කියලා. අසාත් මවුලානගේ ප්‍රකාශය සටහන් කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර තානාපති කාර්යාලයට ගිහින් නැහැ. ඒ වෙනකොට ප්‍රංශය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයෙක් නැහැ. එම ධුරය හිස්ව තිබෙන්නේ. නමුත් ඒ තානාපතිවරයා වෙනුවෙන් ගනිපු නිවස තිබෙනවා. අන්න ඒ නිවසෙදි තමයි ඒ ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ. ඒකට අදාළ ප්‍රකාශය අපි නැවත පරික්ෂා කරලා බැලුවා අධිකරණයේ ගොනුකරලා තියෙන්නේ කොහොමද කියලා. අධිකරණයේ චූටි අකුරින් ලියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයාගේ නිවසේදී මෙය සටහන් කළා කියලා. අපි දැන් අහනවා ශානි අබේසේකර මහත්තයාගෙන් ලංකාවේ අද දවසේ තියෙන නීතිය අනුව ඔබතුමාට තනියම ගිහිල්ලා තානපතිවරයෙකුගේ නිවසෙ ඉදලා ප්‍රකාශයක් සටහන් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඒක නීතිය අනුවද කළේ? ඒක නීතියට පටහැනි ක්‍රියාවක්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තව තවත් දීර්ඝ කරන්න කරපු අත්තනෝමතික ක්‍රීයාවක්"
විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සමෙහිද අසත්‍ය කරුණු පවතින බවද නීතිඥවරයා පෙන්වාදුනි.

















































