
එල්නීනෝ තත්ත්වය නිසා දැඩි කාලගුණ තත්ත්වයක් මත දැඩි නියගයත් පසුව දැඩි වර්ෂාවත් ලෙස කෙටි කාලයකින් අන්ත දෙකක් සිදුවීමට ඉඩ ඇති හෙයින් රටක් ලෙස පුර්ව සුදානමක් තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ ව්‍යුහය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් ලෙස පසුගිය වසර හතක කාලසීමාව තුළ විවිධ ගැටලුවලට මුහුණදුන් බවත් විවිධ පරිසරවේදින් හා දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥයන්ට අනුව හයවැනි අභියෝගයට පවා මුහුණදීමට සිදුවන හෙයින් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය පවා මේ සම්බන්ධයෙන් සොයාබලන බවත් ඔහු පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූවේ තල්පේ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබු පූජ්‍ය සපුගස්යායේ ධර්මපාල ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.
ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළට අමතරව ඉන්දියාවේ ඔඩ්සා ප්‍රාන්තයෙන් පාඩම් උගෙන ආපදාවලට ප්‍රතිචාර දැක්වීම වෙනුවට නව ආපදා කළමනාකරණ ව්‍යුහයක් රටට අවශ්‍ය බවත් මේ සඳහා නව වැඩපිළිවෙළක් නව ආයතන පවා අවශ්‍ය බවත් නිරන්තර උද්ගතවන ආපදාවලට ඔරොත්තුදෙන රටක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අතර, පුද්ගලයින් 40,000කට ජිවිත අහිමි කළ සුනාමිය 2004 වසරේ අපට බලපෑම් කළ පසුත් අප රටේ නුතනවාදි ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් කරා යෑමට නොහැකි වී ඇති බවත් මෙම ආපදා කළමනාකරණ ක්‍රියාවලිය රාජ්‍ය, රාජ්‍ය නොවන, සිවිල් පරපුර ආදී සෑම පාර්ශ්වයක්ම එකට එකතු වී නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එලෙසම බංකොලොත් රටට විදේශීය සංවිධාන බලපෑම් කිරීමට සුදානම් බවත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන බහුජාතික සමාගම් පවා මෙම උත්සාහ දරන හේතුවෙන් රටක් ලෙස එකට එක්ව මුහුණදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

















































