
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දීය කණ්ඩායම තරගයේ පාලනය තවදුරටත් සියතට ගෙන තිබේ.
ඉන්දියාව සිය පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 503ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 290ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ලකුණු 213ක් පසුපසින් සිටියේය.
ශ්‍රී ලංකා ඉනිමේදී පසුබැස ගිය අවස්ථාවක සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළසෝනල් දිනූෂා ලකුණු 100ක් රැස් කළ අතර, පසින්දු සූරියබණ්ඩාර ලකුණු 80ක් ලබා ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් ධෘව් ජුරෙල් නොදැවී ලකුණු 115ක් රැස් කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළ අතර, රිෂාබ් පන්ට් ලකුණු 63ක් රැස් කළේය.

















































