
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර රජයේ රෝහලක ඇති වූ ගින්නකින්අලුත උපන් බිලිඳුන් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉස්ලාමාබාද්හි පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ වාට්ටුවේ අලුත උපන් බිළිඳුන් 16 දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් බිලිඳෙකු පමණක් බේරා ගැනීමට හැකි වී තිබේ.

















































