
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනූෂ අද (26) සමත් විය.
ඒ අනුව සිය පස්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සොනාල් දිනූෂ වාර්තා කළේ සිය දෙවැනි ටෙස්ට් ශතකයයි.
පන්දු 148කට මුහුණ දෙමින් සොනාල් දිනූෂ මෙම ශතකය වාර්තා කළ අතර, ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.
ඉන්දීය පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමක සිටියදී සොනාල් දිනූෂගේ ශතකය ශ්‍රී ලංකා ඉනිමට වැදගත් දායකත්වයක් බවට පත්විය.

















































