
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (26) ක්‍රියාත්මක වේ.
ඊයේ (25) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටි අතර, ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 238ක් පිටුපසින් සිටියේය.
තුන්වැනි දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ලබා සිටි අතර, ලකුණු 19ක් ලබා සිටි කමිල් මිෂාර තුන්වැනි දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
කෙසේ වෙතත්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිමට යම් ස්ථාවරත්වයක් එක් කළහ. කමිඳු මෙන්ඩිස් ලකුණු 32ක් ලබා ගත්තේය.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 80ක් රැස් කළේය. නමුත් අවාසනාවන්ත ලෙස ඔහු දැවී ගියේය. නායක ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 8ක් පමණි.
මේ වනවිට එක් අන්තයක රැඳී සිටිමින් හුදෙකලා සටනක නිරත වන සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85ක් ලබා සිටින අතර, ශ්‍රී ලංකා ඉනිමට තවත් කඩුලු දෙකක් පමණක් ඉතිරිව තිබේ.
ඉන්දියාව සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.
ඉන්දීය පළමු ඉනිමේදී දෙව්දත් පඩික්කාල් ලකුණු 117ක් සහ ද්‍රාව් ජුරේල් නොදැවී ලකුණු 115ක් රැස් කළහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර, ප්‍රභාත් ජයසූරිය සහ කේෂර නුවන්ත කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
ඉන්දීයාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි තුන්වැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා අසීරු තත්ත්වයක පසුවෙයි.

















































