
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේපර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිරීක්ෂණ සංචාරයකට එක්ව තිබේ.
එහිදී රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතා ඇතුළු පිරිස නියෝජ්‍ය අමාත්‍යවරයාව පිළිගනු ලැබීය.
සමාගම විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් කටයුතු, ව්‍යාපෘති සහ ඉදිරි උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි.
ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආයතනයේ ප්‍රගතිය උදෙසා ඔවුන් දක්වන විශිෂ්ට කැපවීම අගය කර ඇති අතර, සමාගම වෙත තබා ඇති ඉදිරි ඉලක්ක සහ අරමුණු සාර්ථකව ජය ගැනීම සඳහා තවදුරටත් නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදී තිබේ.
තවද, තම රාජකාරී ඉටු කිරීමේදී ඉහළ කාර්යක්‍ෂමතාවක්, වෘත්තීය මට්ටමේ ප්‍රමිතියක් සහ කණ්ඩායම් හැඟීමක් පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ආයතනයේ ඉදිරි ප්‍රගමනයට මෙන්ම රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා දීමේ ජාතික ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන ලෙසද අවධාරණය කර ඇත.

















































