
ලොව ප්‍රකට කන්ට්‍රි සංගීත ශිල්පිනියක වන ඩොලි පාර්ටන් වයස අවුරුදු 80දී අභාවප්‍රාප්ත වී තිබේ.
ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මේ බව නිවේදනය කර ඇත. ඇයගේ ඥාති පුත්‍රයෙකු වන බ්‍රයන් සීවර් විසින් එම නිවේදනය සිදුකර තිබේ.
දශක හතකට ආසන්න කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටි ඩොලි පාර්ටන්, ග්‍රැමී සම්මාන 10කින් පිදුම් ලැබූ අතර ලොව පුරා ගීත තැටි මිලියන 100කට අධික සංඛ්‍යාවක් අලෙවි කර තිබේ.
ඇය "Jolene", "I Will Always Love You" සහ "9 to 5" වැනි ලොව පුරා ජනප්‍රිය වූ ගීත රැසක් නිර්මාණය කළ ගීත රචිකාවක ද වේ.
ඩොලි පාර්ටන් තමන්ව ප්‍රධාන වශයෙන්ම ගීත රචිකාවක ලෙස හඳුන්වා දුන් අතර, ගීත රචනය තම අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරීමේ මාර්ගයක් මෙන්ම තමන්ගේ "ප්‍රතිකාරය" ලෙසද සැලකූ බව ඇය අවස්ථා කිහිපයකදී පවසා තිබේ.
සංගීතයට අමතරව රංගනය, ව්‍යාපාර සහ සමාජ සේවා ක්ෂේත්‍රවලද ඇය සුවිශේෂී සලකුණක් තැබුවාය. ඇය ආරම්භ කළ Imagination Library වැඩසටහන හරහා ලොව පුරා දරුවන් සඳහා නොමිලේ පොත් බෙදාදීම ඇතුළු සමාජ මෙහෙවර රැසකට ඇය දායක වූවාය.
ඩොලි පාර්ටන්ගේ අභාවයට හේතුව පිළිබඳව ඇයගේ නියෝජිතයන් සඳහන් කර ඇත්තේ ඇය කෙටි කාලීන පිළිකා රෝගී තත්ත්වයකින් පසු මියගිය බවයි.
ලොව පුරා "කන්ට්‍රි සංගීතයේ රැජින" ලෙස හැඳින්වූ ඩොලි පාර්ටන්ගේ අභාවය සංගීත ක්ෂේත්‍රයට දැවැන්ත පාඩුවක් ලෙස සැලකේ.

















































