
නීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (25) උදෑසන කිරිබත්ගොඩ, ඊරියවැටිය ප්‍රදේශයේ දී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම මත්පැන් බෝතල් තොගය සොයා ගත් බවය.
අත්අඩංගුවට ගත් 51 හැවිරිදි සැකකරු කිරිබත්ගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

















































