
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.81ක් දක්වා පහළ ගොස් ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 80.90ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන්ද 7.89%කින් පහළ ගොස් ඇති අතර ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.44ක් ලෙසද සටහන් වී තිබේ.

















































