
මන්නාරම නරුවිලික්කුලම් සහ වන් කාලෙයි වෙරළ ප්‍රදේශ ආවරණය වන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් වියළි ඉඟුරු තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
ඊයේ (24) මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලදැයි සැක කෙරෙණ වියළි ඉඟුරු තොගයකි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය විසින් සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නරුවිලික්කුලම් සහ වන්කාලෙයි වෙරළ ප්‍රදේශ තුල තිබූ සැකකටයුතු උර 02ක් පරීක්ෂාවට ලක්කෙරිණි.
එහිදී, නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙනඒමට උත්සාහ කර, ජාවාරම්කරුවන් විසින් එම වෙරළ ප්‍රදේශයන්හි අතහැර දමා යන ලදැයි සැක කෙරෙන වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 240කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් වියළි ඉඟුරු තොගය මුරුන්කන් සහ වන් කාලෙයි පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කර තිබේ.

















































