
ඉන්දීයාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි තුන්වැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා අසීරු තත්ත්වයක පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 238ක් පිටපසින් සිටින්නේ තවත් කඩුලු 2ක් අතැතිවය.
තුන්වැනි දිනය සඳහා තරගය ආරම්භ කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 8කි.
තුන්වැනි දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 19ක් රැස්කරගෙන සිටි කමිල් මිෂාරව දවාගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත්වුණේ තරගය ඔවුන් දෙසට හරවා ගනිමින්ය.
කෙසේ වෙතත් සිව්වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් එක්කළ පසිඳු සූරියබණ්ඩාර සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක්කරන්නට සමත්වුණි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 32යි.
එහිදි සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත් වූ අතර ඔහු ලකුණු 80කට අවසනාවන්ත ලෙස දැවීගියේය.
නායක ධනංජය ද සිල්වා ලකුණු 8යි.
අයහපත් කාලගුණය හේතුවෙන් තුන්වැනි දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම ක්‍රිඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබාගෙන අසීරු තත්ත්වයක පසුවන අතර ඔවුන් ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 238ක් පිටපසින් සිටින්නේ කඩුලු 2ක් අතැතිවයි.
එක් අන්තයක සිට හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකරන සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85ක් රැස්කරගෙන සිටී.

















































