
ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වීමට නියමිත 2026 III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අද (25) සිට සැප්තැම්බර් 14 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත් යොමු කළ හැකිය.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
මෙම විභාගයට අදාළ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 21 වනදා නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස්වී වසර හතරක් සම්පූර්ණ වීමට පෙර III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
එමෙන්ම, 2-I ශ්‍රේණියට උසස්වී වසර හතරක් ඉක්මවා තිබුණද, 2025 ජුනි 30 වනදායින් පසු I ශ්‍රේණියට උසස්වීම් හිමිවන ගුරුවරුන් ද එම උසස්වීම සඳහා III කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය.
විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලවල විෂය නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-Thaksalawa නිල වෙබ් අඩවියේ පළ කර ඇති අතර, අපේක්ෂකයන්ට එම විෂය කරුණු අධ්‍යයනය කර විභාගයට සූදානම් වන ලෙස දැනුම් දී තිබේ.

















































