
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීම වෙනුවෙන් සහ ඒ මහතාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ලෙසට ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (25) යුරෝපා සංගමයට මහජන අත්සන් සහිත පෙත්සමක් භාරදී තිබේ.
එහිදී අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරී අයිෂ්චර්ය ගුණරත්න අධිකාරී සඳහන් කළේ ජාත්‍යන්තර බලපෑමත් සමග සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය දීර්ඝ කිරීමේ තීන්දුව හකුලා ගැනීමට සිදුවෙනු ඇති බවය.
















































