
රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සර ගමගේ, මිලින්ද රාජපක්ෂ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.
















































