
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.
ඊයේ (24) දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ලබා සිටියේය.
ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් දෙව්දත් පඩික්කාල් ලකුණු 117ක් සහ ද්‍රාව් ජුරේල් නොදැවී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් බිද හෙළු අතර ප්‍රභාත් ජයසූරිය සහ කේෂර නුවන්ත කඩුලු 2 බැගින් බිද දැමීය.
















































