
කල්පිටිය, ජනසවිපුර වෙරළ තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා බෝට්ටුවකින් මුහුදු ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමඟ බෝට්ටුවකින් මුහුදු ගොස් මසුන් ඇල්ලීමට දැල් එලමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















































