
අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ, 2027 ජනවාරි 1 වනදා සිට කැනඩාවෙන් ආනයනය කරන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා 50%ක තීරුබද්දක් අය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ.
එම භාණ්ඩ අමෙරිකාව තුළ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබද්දක් අය නොකරන බවත්, වෙළඳ කටයුතුවලදී කැනඩාව කටයුතු කරන්නේ ඉතා අසාධාරණ ලෙස බවත් ට්රම්ප් පවසා ඇත.
"අපට කැනඩාව අවශ්ය නැත, නමුත් කැනඩාවට අපව අවශ්යයි" යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දෙරට අතර පැවැති වෙළඳ ගිවිසුම් සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව දෙපාර්ශවයම ඊට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතර, අමෙරිකානු නිෂ්පාදන කිහිපයකට තීරුබදු පැනවීමට කැනඩාවද සූදානම් වේ.



















































