
ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම්කරුවන් 250 දෙනෙකු මණ්ඩලයේ ස්ථිර සේවය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය හෙට (25) දින සිදු කිරීමට නියමිතව තිබේ.
ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙනි.
දීර්ඝ කාලයක් පුරා කොන්ත්‍රාත් පදනමේ සේවය කළ පිරිස මෙලෙස ස්ථිර සේවය සඳහා පත්‍කරගන්න බව එම මණ්ඩලය සඳහන් කළේය.
මෙම පිරිස සම්මුඛ පරීක්ෂණ මාර්ගයෙන් තෝරාගෙන ඇත.



















































