
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඉන්දීය ඉනිම ශක්තිමත් කළ Devdutt Padikkal ලකුණු 117ක් ලබාගත් අතර, නොදැවී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Dhruv Jurel ලකුණු 115ක් රැස් කළේය.
මීට අමතරව Rishabh Pant ලකුණු 63ක් සහ Shubman Gill ලකුණු 50ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම සටහන් කළ අසිත ප්‍රනාන්දු ලකුණු 106කට කඩුලු 4ක් දවාගත්තේය.
තවද ප්‍රභාත් ජයසූරිය ලකුණු 132කට කඩුලු 2ක්ද, කේෂර නුවන්ත ලකුණු 154කට කඩුලු 2ක්ද බිඳහෙලූහ.



















































