
ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යෂස්වි ජයිෂ්වාල්ට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
ඒ දෙරට අතර පැවැත්වෙන දෙවන ක්‍රිකට් තරගයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වූ බහින්බස්වීමේ සිද්ධියක් හේතුවෙනි.
එමෙන්ම මෙම ක්‍රීඩකයින්ට එක් දඩුවම් ලකුණු බැගින් ප්‍රදානය කර ඇති බව ද සඳහන්ය.
කොළඹ එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (23) ආරම්භ වූ දෙවන තරගයේ පළමු ඉනිමේදී මොවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති විය.



















































