
පඩුවස්නුවර ජාතික පාසල සහ බිංගිරිය සරණංකර ජාතික පාසල අතර පැවැත්වෙන සුප්‍රකට “Battle of the Green Maroon” වාර්ෂික එක්දින ක්‍රිකට් මහා සංග්‍රාමය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව 2026 වසරේ තරගය අගෝස්තු 26 වන බදාදා, හලාවත හරින්ද්‍ර කොරයා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දෙපාසලේම සිසුන්ගේ සහ ආදි සිසුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නැංවීම මෙන්ම පාසල් දෙක අතර සහෝදරත්වය සහ සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වාර්ෂික ක්‍රිකට් තරගය සංවිධානය කෙරේ.
වසරක් පාසා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගන්නා මෙම තරගාවලිය මෙවරද උණුසුම් තරගකාරීත්වයකින් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


















































