
මැදවච්චිය, පුල්එළිය ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා ඥාති නිවසක පැවති දානමය පිංකමකට සහභාගි වී නැවත යතුරුපැදියකින් නිවසට යමින් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහරයට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 52හැවිරිදි රම්බකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


















































