
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව වේල්ලවීදිය වෙරළ ප්‍රදේශයේ අද (23) උදෑසන විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.
එහිදී, එම ඩිංගි යාත්‍රා මඟින් නීතිවිරෝධී ලෙස රැගෙන විත්, ලොරි රථයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙණ, බීඩි කොළ කිලෝග්‍රෑම් 2,276කට අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව සහ පොලීසිය භාරයට ගත් බීඩි කොළ තොගය, ඩිංගි යාත්‍රා දෙක සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව තෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.


















































