
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර ඉන්දිය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, ශුබ්මන් ගිල් විසිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද (23) දිනයේදී කමිල් මිෂාර ටෙස්ට් වරම් දිනාගන්නා ලදී.
ඒ අනුව ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, සොනාල් දිනුෂ, පසිඳු සූරියබණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, කේෂර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ඇත.
ඉන්දියාව වෙනුවෙන් සරංෂ් ජයින් ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහුට හිස්වැසුම ලබා දෙනු ලැබුවේ, රවීන්ද්‍ර ජඩේජා විසිනි.
කේ.එල් රාහුල්, යශස්වී ජයිස්වාල්, දෙව්ඩට් පඩික්කල්, ශුබ්මන් ගිල්, රිෂාබ් පාන්ට්, ඩෘෘ ජර්ල්, රවීන්ද්‍ර ජඩේජා, මනව් සුතර්, මොහොඩ් සිරාජ් සහ ප්‍රසිද් ක්‍රිෂ්නා එම පිළ නියෝජනය කරනු ලබන සෙසු ක්‍රීඩකයින් වේ.
දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 165කින් ජයගැනීමට ඉන්දිය පිළ සමත්විය.
තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2025–2027 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.


















































