
සංචාරක ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර ඉන්දිය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, ශුබ්මන් ගිල් විසිනි.
දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 165කින් ජයගැනීමට ඉන්දිය පිළ සමත්විය.
තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2025–2027 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.



















































