
ඉන්දියාවේ, ඔඩිසාහි පැවැත්වෙන 2026 වසරේ 'ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ' (World Athletics Silver Level Continental Tour 2026) කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ සමත් විය.
එහිදී ඇය වාර්තා කළ දක්ෂතාව මීටර් 58.98කි.
මෙම ඉසව්මේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ, ජුසිලීන් සේල්ස් ද ලීමා විසිනි. එහිදී ඇය මීටර් 59.13ක දක්ෂතාවක් වාර්තා කළාය.
ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ක්‍රීඩිකා අනූ රාණි මීටර් 56.96ක දක්ෂතාවයක් වාර්තා කිරීමට සමත් වූවාය.
මේ අතර මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුමේද රණසිංහ සමත් විය.
එහිදී ඔහු වාර්තා කළ දක්ෂතාව මීටර් 80.29කි.


















































