header logo
SLIC
ක්‍රීඩා
කොකේන් භාවිතය තහවුරු වීම නිසා නික් කිරිඕස්ට තාවකාලික ක්‍රීඩා තහනමක්
1h ago
කොකේන් භාවිතය තහවුරු වීම නිසා නික් කිරිඕස්ට තාවකාලික ක්‍රීඩා තහනමක්
EDEX

ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරිඕස් (Nick Kyrgios) කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට තහවුරු වීමත් සමඟ ඔහුට ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලික තහනමක් පනවා තිබේ.

ජාත්‍යන්තර ටෙනිස් අඛණ්ඩතා නියෝජිතායතනය (ITIA) සඳහන් කළේ, 31 හැවිරිදි  නික් කිරිඕස් පසුගිය ජුනි 22 වැනිදා පැවති 'Mallorca Open' තරඟාවලිය අතරතුර ලබා දුන් මුත්‍රා සාම්පලයක කොකේන් පරිවෘත්තීය ද්‍රව්‍යයක් වන 'බෙන්සොයිලෙකොනීන්' (benzoylecgonine) අඩංගු බවට අනාවරණය වී ඇති බවය.

ඒ අනුව ඔහු අගෝස්තු 4 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ක්‍රීඩාවෙන් ඉවත් කර ඇත.

ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් කිරිඕස් පවසා ඇත්තේ  "ලොකු අත්වැරැද්දක්" කර ඇති බවත්, ඒ සඳහා "සම්පූර්ණ වගකීම" භාර ගන්නා බවත්ය.

මෑත කාලීනව දණහිසේ සහ මැණික් කටුවේ ඇති වූ ආබාධ හේතුවෙන් දැඩි මානසික හා ශාරීරික පීඩාවකට මුහුණ දුන් බවත්, තම වෘත්තීය ජීවිතයේ අවසාන අදියරට ළඟා වෙමින් තිබීම බලාපොරොත්තු වූවාට වඩා දැඩි අභියෝගයක් වූ බවත් ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, "මම කළ දේට කිසිවක් සාධාරණීකරණය කළ නොහැකියි" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

තමා රසිකයන්ගෙන්, පවුලේ අයගෙන් සහ විශේෂයෙන් තමා අනුගමනය කරන දරුවන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත්, මනස සුව කර ගැනීම සඳහා ඉදිරි දින 28 තුළ සමාජ මාධ්‍ය සහ ප්‍රසිද්ධ ජීවිතයෙන් ඉවත් වන බවත් ඔහු සඳහන් කර ඇත.

මෙම තහනම යටතේ විනය පරීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වන තෙක් කිරිඕස්ට ග්‍රෑන්ඩ් ස්ලෑම් හෝ වෙනත් අනුමත කරන ලද කිසිදු තරඟයකට ක්‍රීඩා කිරීමට, පුහුණු කිරීමට හෝ සහභාගී වීමට අවසර නොලැබේ.

ජාත්‍යන්තර ටෙනිස් අඛණ්ඩතා නියෝජිතායතනය ප්‍රකාශ කළේ ඔහුට මෙම තාවකාලික තහනමට එරෙහිව ඇපැලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණද, මේ දක්වා ඔහු එය සිදු කර නොමැති බවය.

සිය ටෙනිස් දිවිය තුළ ATP සංචාරක ශූරතා 7ක් දිනා ඇති කිරිඕස්, 2022 වසරේ විම්බල්ඩන් අවසන් මහා තරඟයට සහ ඔස්ට්‍රේලියානු විවෘත පිරිමි යුගල ශූරතාවට (තනාසි කොක්කිනාකිස් සමඟ එක්ව) හිමිකම් කීවේය.

කෙසේ වෙතත්, ඔහුගේ දැඩි හැසිරීම් රටාව, මීට පෙර හිටපු පෙම්වතියකට පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබීම සහ මානසික සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහු නිරන්තරයෙන්ම මාධ්‍ය අවධානයට ලක් වූ ක්‍රීඩකයෙකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට