
තලවකැලේ ප්‍රදේශය හරහා ධාවනය වූ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය
බණ්ඩාර මහතා පැවසීය.
නුවරඑළිය පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ නිළධාරීන් සහ මෝටර් රථ පරීක්ෂකවරුන් එක්ව තලවකැලේ ප්‍රදේශය හරහා ධාවනය වන බස් රථ, මෝටර් රථ, යතුරුපැදි, වෑන් සහ ලොරි රථ 40ක් ධාවනයට සුදුසු තත්ත්වයේ තිබේද යන්න පිළිබඳව හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.
එහිදී විවිධ අඩුපාඩුකම් සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ ධාවනය කල වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර එම වාහනවල ආදායම් බලපත්‍රය තමන් භාරයට ගත් බව මෝටර් රථ පරීක්ෂකවරයා පැවසීය.
සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් සිදුකල මෙම පරීක්ෂාවේදි පෞද්ගලික බස් රථ 4ක් ත්‍රීරෝද රථ 15ක් ඇතුලු වාහන 28ක් ධාවනයෙන් ඉවත් කල බවත්, එම
වාහනවල නිරීක්ෂණයට ලක් වූ විවිධ අඩුපාඩුකම් සපුරා යළිත් පරික්ෂාවකට ඉදිරිපත් කරන තෙක් එම වාහන ධාවනය තාවකාලිකව නතර කළ බව සඳහන් වෙයි.




































