
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබේ.
මේ බව අද පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.
එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සම්වල පිටපත්ද කථානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
























