
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
ඊයේ දිනයේ තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 4 ක් දැවි ලකුණු 84 ක් ලබා සිටියේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 462ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණූ 284ක් ලබා ගත්තේය.
දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 193කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් පියවර ගත්තේය.
























