header logo
SLIC
උණුසුම් පුවත්
මහනුවර දෙවන කුඹල් පෙරහැර අද - රථ වාහන සැලැස්ම මෙන්න
3h ago
මහනුවර දෙවන කුඹල් පෙරහැර අද - රථ වාහන සැලැස්ම මෙන්න
EDEX

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (19) සවස 6.41ට යෙදෙන සුබ මොහොතින් විථි සංචාරය කිරීමට නියමිතයි.

දෙවන කුඹල් පෙරහැර සඳහා ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙල සහ රථ වාහන සැලැස්ම පොලීසිය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, අද දෙවන කුඹල් පෙරහර මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාළිගාවට ගෙවැදීමටනියමිතව ඇත.

ශ්‍රී දළදා මාළිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය අගෝස්තු 28 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟ පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

අද දින ක්‍රියාත්ම රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහතින් සඳහන් වේ.

කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කල හැකිය.

කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කල හැකිය.

කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කල හැකිය.

තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවතඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කල හැක.

එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය.

නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැක.

තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැකිය.

කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කළ හැකිය.

මෙයට අදාළ මාර්ග සිතියම

 

මේ අතර ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1716 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය ඊයේ රාත්‍රී 6.52ට යෙදුණු සිභ මොහොතින් ආරම්භ කෙරුණි.

ඊයේ ආරම්භ වූ පළමු කුඹල් පෙරහරේ කරඬුව වැඩමකරවීමේ භාග්‍යය ශ්‍රී දළදා මාලිගාවේ මංගල හස්තියා වන ඉන්දිරාජා හස්තියාට හිමිවුණි.

දෑලේ ඇතුන් ලෙස ගමන්ගත්තේ මියන් රාජා සහ කෝට්ටේ රාජා හස්තීන්ය.

සාම්ප්‍රදායික සහ විචිත්‍රවත් නර්ථනාංග රැසකින් සමන්විත පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් බොහෝ පිරිසක් එක්ව සිටියේය.

 

 

 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට