header logo
SLIC
උණුසුම් පුවත්
නියඟයෙන් හානිවූ වගාවන්ට කඩිනමින් කෘෂි වන්දි - හානිය ගැන කියන්න 1918ට කතා කරන්න
4h ago
නියඟයෙන් හානිවූ වගාවන්ට කඩිනමින් කෘෂි වන්දි  - හානිය ගැන කියන්න 1918ට කතා කරන්න
EDEX

වියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සඳහන් කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවය.

මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණක තත්ත්වය යටතේ මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල හේතුවෙන් වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුවී ඇති බව දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

මෙහිදී, වී වගාවට අදාළව, මොනරාගල - අක්කර 1,334 වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 960, පොළොන්නරුව - අක්කර 1,100 ප්‍රමාණයකට අයත් ගොවීන් 560, හම්බන්තොට - අක්කර 435කට අයත් ගොවීන් 782ක්, අම්පාර - අක්කර 1,004කට අයත් ගොවීන් 505, අනුරාධපුර - අක්කර 2,200කට අයත් ගොවීන් 1,900ක යනාදී වශයෙන් කුඹුරු ඉඩම් හානියට පත්ව ඇති බව වාර්තා වී තිබේ.

ඒ අනුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි ඉහත දිස්ත්‍රික්කවල නිලධාරීන් හානියට පත් කුඹුරු ඉඩම් වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති මෙම වන්දි ගොවීන්ට හැකි ඉක්මනින් ලබාදීමට නියමිතය.

මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු ඇතුළු බෝග 06ක් සඳහා හෙක්ටයාරයකට රු.100,000/- මුදලක් උපරිම වශයෙන් අක්කර 05කට ගෙවීම රජය විසින් සිදුකරනු ලැබේ.

ඒ අනුව, මෙම තත්වය යටතේ ඉහත දිස්ත්‍රික්කවලින් මේ වන විට වාර්තා වී හානියට පත් කුඹුරු අක්කර 6,073ක ප්‍රමාණයකට අයත් ගොවීන් 4,707කට ආසන්න ප්‍රමාණයකට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකරමින් පවතී.

මෙම නියං තත්ත්වය යටතේ ජලය හිඟකම් හේතුවෙන් වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන් හානියට පත්ව ඇත්නම්, හැකි ඉක්මනින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුමදීම කළ යුතු අතර, එසේ නොමැති නම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයෙහි වගා හානිය සටහන් කිරීම ගොවින් විසින් සිදුකළ යුතුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරු විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මඟින් ගොවින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට