
පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
තමා මෙම නඩුවට අදාළව වසරකට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, එම නඩුවේ දෙවන විත්තිකාර සේනක ද සිල්වා මේ වන විට අධිකරණය මගින් ඇප මත නිදහස් කර ඇති බවත් ෆොන්සේකා මහතා අදාළ පෙත්සමෙන් අධිකරණයට පෙන්වා දී ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගෙන තමන් ඇප මත නිදහස් කරන මෙන් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම ඇප පෙත්සම හෙට(18) සලකා බලන බව කොළඹ මහධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා නීතිපතිවරයාට මෙන්ම පෙත්සම්කාර පාර්ශවයටද දැනුම් දී ඇත.

















































