header logo
SLIC
උණුසුම් පුවත්
ෆොන්සේකා නිදහස් කරන බව මං දැන ගෙන හිටියා-ද හින්දු නියෝජ්‍ය කර්තෘ රාධා කියයි
May 15, 201207:57 PM
ෆොන්සේකා නිදහස් කරන බව මං දැන ගෙන හිටියා-ද හින්දු නියෝජ්‍ය කර්තෘ රාධා කියයි
Mobitel 1278

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව තමන් දැන සිටි වගද හින්දුපුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ආර්.කේ රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විමසා බැලීමට තමන්ට සිත්වූයේ ඒ නිසා යයිද හෙතෙම කියා සිටියි.

බන්ධනාගාර ගතකර සිටින සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසු බවද

හින්දුපුවත්පත අද මුල්වරට නිල වශයෙන් අනාවරණය කිරීමෙන් පසු අද දෙරණ හා එක්වෙමින් රාධා ක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේය.

ඊයේ පැවැති ගෝඨාස් වෝර්කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ පැවැත්වූ කෙටි පිළිසඳරකදී ජනාධිපතිවරයා තමන් සමග එය පැවසූ බව

ද හින්දුපුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා සහ මෙරට නියෝජිතයා සිහිපත් කළේය.

ෆොන්සේකා මහතාට නිදහස හිමිවිය යුතු බවට රටම යම් සන්ධිස්ථානයකට පැමිණ සිටි බව ඔහු දැන සිටි බවත්,එසේ තිබියදී ඔහු නිදහස් නොකරන්නේ මන්දැයි තමන් විමසා සිටි බවත් ක්‍රිෂ්ණන් මහතා පෙන්වා දුන්නේය.

එහිදීප්‍රශ්නයක් නෑ.මං ටිරාන් අලස් එනකල් ඉන්නේ..ඔහු ආවම කතා කරලා මම නිදහස් කරනවායයි ජනාධිපතිවරයා කියා සිටි වගත්,එහිදී තමන් එක වර පුදුමයට පත් වූ බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බන්‍ධනාගාර ගතකර සිටින සරත් ෆොන්සේකා මහතාට නිදහස ලැබෙන බවට විවිධ මාධ්‍ය පසුගිය දිනවල විවිධ පුවත්පත් විසින් වාර්තා කරනු ලැබූවද එය ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරයා සනාථ කළ බවට මුල්වරට වාර්තාකරනු ලැබුවේ අද නිකුත් කෙරුණු ද හින්දු පුවත්පතයි.

2010 වසරේ පෙබරවාරි මස 09 වැනිදා යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆොන්සේකා මහතාට චෝදනා කිහිපයකට යුද අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් වරදකරු කොට සිරදඬුවම් නියම කෙරුණි.

ඔහුට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වන බව අද දෙරණ පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනි දින මුල් වරට අනාවරණය කරන ලදී.

එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ෆොන්සේකා මහතාව නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාගැනීම සඳහා වන ලියකියවිලි මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ටිරාන් අලස් මහතා ද විදෙස්ගතව සිට මීට ස්වල්ප මොහොතකට පෙර දිවයිනට පැමිණි අතර එසේ පැමිණීමෙන් පසු එම කටයුතු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බව අනෝමා ෆොන්සේකා මහත්මිය මීට පෙරාතුව අද දෙරණට කියා සිටියාය.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට නිදහස ලබා ලබා දෙන්නේ නම් එය එසේ වන්නේ ජාත්‍යන්තර බලපෑම් වල ප‍්‍රතිඵලයක් ලෙස

නොවන බව අද පෙරවරුවේ ජනාධිපති ප‍්‍රකාශක බන්දුල ජයසේකර මහතා අප කළ විමසීමකදී අවධාරණය කළේය.

එසේම මේවන විට අප වෙත ලැබී ඇති අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවන්නේ මෙම සතිය තුළදී සරත් ෆොන්සේකා මහතාට නිදහස හිමිවන බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්