අගෝස්තු ගෙවුණු දින 16ට සංචාරකයින් 113,307ක් මෙරටට ඇවිත්

අගෝස්තු ගෙවුණු දින 16ට සංචාරකයින් 113,307ක් මෙරටට ඇවිත්

August 18, 2026   09:45 pm

අගෝස්තු මාසයේ මුල් දින 16 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 113,307ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,355ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 22%ක් වේ.

එමෙන්ම, එක්සත් රාජධානියෙන් 12,738ක්  සහ ප්‍රංශයෙන් 8,106ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 16 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,456,725ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 363,585ක් සහ එක්සත් රාජධානියෙන් 143,139ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.