22 වන සංශෝධනයට එරෙහිව Free Lawyers සංවිධානයෙනුත් පෙත්සමක්

22 වන සංශෝධනයට එරෙහිව Free Lawyers සංවිධානයෙනුත් පෙත්සමක්

August 18, 2026   04:19 pm

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව Free Lawyers සංවිධානය අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම සංවිධානයේ සභාපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.