22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්
August 18, 2026 04:01 pm
වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
SC/SD/31/2026 අංක යටතේ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කර ඇත.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අවධානය යොමුව ඇති අතර, එහි ව්‍යවස්ථානුකූලභාවය සහ පවතින ගැටලු පිළිබඳ ව අධිකරණයේ මතය ලබා ගැනීම සඳහා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව නිවේදනය කරයි.
සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් රටේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය, බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතු බවය.
