ලක්ෂ 30ක නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පියවර
August 18, 2026 01:45 pm
රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නිසි ප්‍රමිතියෙන් තොර නීතිවිරෝධී සත්ත්ව ඖෂධ කිලෝ ග්‍රෑම් 1090ක් සොයාගෙන තිබුණි.
අනතුරුව කෙරවළපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ පරිශ්‍රයේදී අදාළ ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කර ඇත.
අදාළ ඖෂධ විනාශ කිරීම සඳහා වැය වූ සම්පූර්ණ පිරිවැය ද එම ඖෂධ නිෂ්පාදකයාගෙන් අයකරගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
