ධුරයෙන් සමුගන්නා ඊජිප්තු තානාපති හා ආරක්ෂක ලේකම් අතර හමුවක්
August 18, 2026 10:07 am
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Adel Ibrahim මහතා සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඊයේ (17) මෙලෙස හමුවී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ය.
මෙම හමුවේදී, සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තානාපති Ibrahim මහතා පෞද්ගලිකව දැක්වූ දායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය.
එසේම, දෙරට අතර සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ඉටුකළ සේවයට කෘතඥතාව පළකළ ආරක්ෂක ලේකම්වරයා, තානාපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා සුභාශීංසන එක් කළේය.
තමාගේ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය තුළ ආරක්ෂක අමාත්‍යාංශය සහ මෙරට රජය විසින් ලබාදුන් සහයෝගය සහ උපකාර වෙනුවෙන් තානාපතිවරයා සිය ස්තූතිය පළකළ අතර, ශ්‍රී ලංකාව සමඟ පවතින ශක්තිමත් සහ සුභද සබඳතා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා ඊජිප්තුවේ ඇති කැපවීම ද නැවත තහවුරු කළේය.
තවද, පවතින ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරට අතර ඉදිරි සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම ඇතුළුව, ද්වීපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමේ මාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
