
අතුරුගිරිය - හබරකඩ, මුල්ලේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන හබරකඩ කසුන්ගේ ඥාති සහෝදරයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තා වුණි.
ඊයේ (17) රාත්‍රියේ සිදුවු මෙම වෙඩිතැබීමෙන් 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.
වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි හඬවල් තුනක් පමණ ඇසුණු බවත් වෙඩි තබා ඒත් සමඟම වෙඩික්කරුවන් පලාගිය බවත් වෙඩිතැබීම සිදුවු ස්ථානයේ අසල්වාසීන් අද දෙරණට පැවසීය.
අතුරුගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.




















































