ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව බුද්ධික හේවාවසම් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.