නාවික හමුදාපති හා ඇමති නලින්ද අතර නිල හමුවක්
August 17, 2026 05:25 pm
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී තිබේ.
ඒ්, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ය.
මෙම නිල හමුවේදී, ජාතික වැදගත්කමකින් යුත් කාර්යයන්හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරනු ලබන කාර්යභාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳව නාවික හමුදාපතිවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.
තවද, මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාපති විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.
