ඉතාලි කෞතුකාගාරයකින් 15 වැන සියවසට අයත් චිත්‍ර 4ක් සොරකම් කරයි
August 17, 2026 03:26 pm
15 වන සියවසේ පුනරුද යුගයේ චිත්‍ර ශිල්පියෙකු වන ඇන්ටොනෙලෝ ඩා මෙසිනාට (Antonello da Messina) අයත් චිත්‍ර 4ක් ඉතාලියේ කෞතුකාගාරයකින් සොරකම් කර තිබේ.
මෙම සිදුවීම සංස්කෘතික උරුමයට සිදු වූ දැඩි කම්පනයක් බව පැවසේ.
මෙම සොරකම සිදු වී ඇත්තේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කෞතුකාගාරයට ඇතුළු වූ සොරුන් පිරිසක් විසින් සිදුකර ඇති බව සඳහන් වේ.
මෙම වසරේ මුල් භාගයේදී ඉතාලි රජය විසින් ඩොලර් මිලියන 15 කට ඇන්ටොනෙලෝ ඩා මෙසිනාගේ කෘතියක් මිලදී ගැනීම, අපරාධකරුවන්ගේ අවධානයට ලක් වන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම කෞතුකාගාරයේ බැරොක් යුගයේ විශිෂ්ට කලාකරුවෙකු වන කැරවාජියෝගේ (Caravaggio) කෘතිද තැන්පත් කර ඇති බව සඳහන් වේ.
මෙය බොහෝ දුරට සැලසුම්සහගතව කොන්ත්‍රාත්තුවකට කරන ලද සොරකමක් විය හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.
