හිරුණිකාගේ නඩුවක් කැඳවීමට දින දෙයි

හිරුණිකාගේ නඩුවක් කැඳවීමට දින දෙයි

August 17, 2026   01:41 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට අදාළ නඩුවක් නොවැම්බර් මස 02වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ 2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැති අවස්ථාවේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළවය. 

මෙම නඩුකරය අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු කර නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන බවය.

ඒ අනුව මෙම නඩුකරය යළි නොවැම්බර් මස 02වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.