ග්‍රෙගරි වැවේදී අනතුරට පත් දරුවන් දෙදෙනෙකු නාවික හමුදාව බේරාගනී
August 17, 2026 12:35 pm
නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ යෙදී සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නාවිකයන් විසින් මෙම දරුවන් දෙදෙනා බේරාගෙන ඇත.
මෙලෙස මුදාගනු ලැබූ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 13 වියේ පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඔවුන් නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට ද නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම කටයුතු කර ඇත.
