යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු මරුට

යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු මරුට

August 17, 2026   08:31 am

යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 7දෙනෙකු පමණ මියගොස් තිබේ.

වසරේ ගත වූ කාල සීමාව තුළ යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 822ක් යොදාගෙන ඇති අතර ඉන් 600ක්ම මොස්කව් අගනුවර වෙත එල්ල කර තිබූ බව ද සදහන්. 

කෙසේවෙතත් යුක්‍රේන බලධාරීන් සදහන් කළේ රුසියාව විසින් ආයුධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැපයුම් මාර්ග ඇතුළු යුධමය පහසුකම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවය.