අයිස් සමඟ පුද්ගලයෙකු මාට්ටු
August 16, 2026 07:00 pm
උප්පුවේලි, පුලියමන්කුලම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන් විසින් මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු දේවනගර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අපරාධකල්ලි නිර්මාණය කර එහි නායකයා ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු ප්‍රදේශවාසීන් බියගැන්වීම් හා විවිධ අපරාධයන්හි නිරත වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වෙයි.
